සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචිව සිටින ආයතන 86,000න් 29,000ක් වසා දැමීමට අවසර ඉල්ලා ඇති බවට කම්කරු කොමසාරිස්වරයා ආණ්ඩුවට අනතුරු අඟවා ඇති බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.
එම ආයතන වසා දැමීම දැන් ආරම්භ කර තිබෙන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.
ඊට මෙම අයවැයෙන් කිසිදු විසඳුමක් හෝ සහනයක් ලබා දී නොමැති බවද සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සඳහන් කරන්නේ එම ආයතනවලට බදු සහන ලබා දීම බවද පෙන්වා දෙයි.
එය විහිළුවක් බව සඳහන් කරන මන්ත්‍රීවරයා ආයතන 29,000ක් වසා දැමීම හරහා නිෂ්පාදන ආර්ථිකයේ සිදු වන කඩා වැටීම් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කොට නොමැති බවද අවධාරණය කරයි.