May 01, 2024

කොරෝනාවෙන් ආර්ථිකයට වුණු හානිය යුද්ධයෙන් වූ හානියටත් වඩා බරපතළයි

November 20, 2020

කොවිඞ් 19 වසංගත අර්බුදය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ හානිය තිස් වසරක ඊළාම් යුද්ධයෙන් සිදුවූ හානියට වඩා බරපතළ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම වසංගතය හමුවේදී සහ ඉන් අනතුරුව රට ගොඩනඟන සැලසුම් ආණ්ඩුව මේ වන විට දියත් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය.

වත්මන් රජයට හිමිවූයේ යහපාලන ආණ්ඩුව ‘ෆේල්’ කර තිබූ රටක් වුවත් රටේ ජනතාව ‘පාස්’ කර රටට විශිෂ්ට සාමාර්ථ්‍යයක් අරන් දීමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම ක‍්‍රියා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කෙතරම් දුෂ්කරතා හා අමාරුකම් පැවතියද රට පාවා දීම හෝ කිසිවකු ඉදිරියේ දණ නොනමන බව ද, නිවැරදි තීන්දු ගෙන ඉදිරි වසර තුළ රට ඉදිරියට ගෙන යන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ බියගම පැවැති කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

Rate this item
(0 votes)