May 18, 2024

මේ හදන්නේ 70 යුගයට යන්න - තව ටික කාලෙකින් පෝලිම් බලා ගන්න පුළුවන්

November 19, 2020

අපිත් කැමතියි දේශීය ආර්ථිකයකට යන්න යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

එහෙත් මේ හදන්නේ 70 යුගයට යලිත් යන්න බව සඳහන් කරන කිරිඇල්ල මහතා පෝලිම් බලා ගැනීමට හැකි වන බවද පෙන්වා දෙන ලදී. මේ වන විටත් බොහෝ සමුපකාරවල බඩු නැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

අයවැයෙන් රාජ්‍ය සේවකයාට දී තිබෙන තෑග්ග ගැන කතා කල කිරිඇල්ල මහතා අයවැයෙන් අගමැතිවරයා රාජ්‍ය සේවකයාට එක රැකියාවකුත් හවසට තව රැකියාවකුත් කරන්න අවස්ථාව දී ඇති බවත් එවිට රාජ්‍ය සේවකයා ගෙදර රස්සාව කරන්නේ කොයි වෙලාවට දැයි ප්‍රශ්න කරන ලදී.

කිරිඇල්ල මහතාගේ කතාව අතරතුර හන්තානයේ ඉඩම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුන අතර එහිදී කිරිඇල්ල මහතා සඳහන් කලේ එම ඉඩම වසර 100ක සිටම තමන්ගේ බවය.

තමන්ට එහි ඕනෑම දෙයක් කල හැකි බවත් තමන්ට හා තම පවුලට අපහාස කිරීමට ඒ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත් ඒ නඩුවට වෙන දේ ද බලා ගත හැකි බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)

Related items