May 06, 2024

හිටපු ජනපති සිරිසේන සභාව අමතයි - "සිය රට දේ සිරි සැප දේ" බව සඳහන් කරයි

November 19, 2020

අවුරුදු 30ක 40ක කාලයක පටන් අපේ රටේ නිෂ්පාදනය කල හැකි දේ පිළිබඳව අවධානය අපෙන් ගිලිහි තිබුණු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

වත්මන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන් අපේ ආහාර වලින් 99%ක්ම අපේ රටේ නිෂ්පාදනය කල හැකි බවද සිරිසේන මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය පිළිබඳව සිය ප්‍රසාදය පල කල හිටපු ජනපතිවරයා අපේ ප්‍රශ්න අපිම විසඳා ගැනීමට මුලිකත්වය මේ ආණ්ඩුව දී තිබෙන බවද ප්‍රකාශ කරයි.

හිටපු ජනපතිවරයා මෙම අදහස් පල කලේ අයවැය විවාදයට එක්වෙමිනි.

Rate this item
(0 votes)