May 06, 2024

දුරකථන, ටැබ්, ඩේටා ලබා දෙන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ - අපේ ටැබ් වැඩෙත් කුහකයෝ නැවැත්වුවා

November 18, 2020

මේ වන විට නිවෙස්වලට වී සිටින පාසල් දරු දැරියන්ට රූපවාහිනි හා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා දීමේදී නිදහස් අධ්‍යාපනයෙන් සමතුලිතතාවය බිඳ වැටි තිබෙන බව සමඟි ජන බලවේග මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන ලදී.

බොහෝ දෙමව්පියන්ට අධ්‍යාපන වැඩසටහන් සඳහා අවශ්‍ය ජංගම දුරකථන, ටැබ් හා ඩේටා ලබා දීමට මුල්‍යමය හැකියාවක් නැති බව පෙන්වා දෙන කරුණාතිලක මහතා එක පවුලක දරුවන් දෙතුන් දෙනෙක් සිටින පවුලක සෑම දරුවෙකුටම අවශ්‍ය පහසුකම් සැලසීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තම ආණ්ඩුව යටතේ ඊට පිලියමක් ලෙස නොමිලේ  ටැබ් ලබා දීමට ගත් ක්‍රියාමාර්ගය කුහකයින් පිරිසක් විසින් වැලක්වූ බවද මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2020 11:16

Related items