May 18, 2024

කතානායකගේ "හා බලන්නම්" තවදුරටත් බෑ : මම මේ ප්‍රශ්නේ අය-වැයේදී අදිනවා - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

November 16, 2020

සමගි ජන බලවේගයේ ඉවත්කළ මන්ත්‍රීවරුන් අට දෙනාට පාර්ලිමේන්තුවේ වෙනම ආසන පනවන ලෙස කථානායකවරයාගෙන් කර තිබෙන ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර නොමැති නිසා ඒ සම්බන්ධයෙන් යළිත් වතාවක් හෙට (17) පැවැත්වීමට නියමිත අය-වැය විවාදයට පෙර යළිත් ප්‍රශ්න කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

අය-වැය ඉදිරිපත් කිරීමට පෙර හෝ අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු තමා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ නගන බව ද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුවට පටහැනිව යමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකු 20 වැනි සංශෝධනයට පක්ෂව ආණ්ඩුවක් සමග ඡන්දය ප්‍රකාශ කරන ලද අතර එම පිරිස මේ වන විට සමගි ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කොට තිබේ.

එසේ ඉවත් කොට තිබෙන මෙම මන්ත්‍රීවරුන් 8 දෙනාට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී ඔවුන්ට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ට පනවන ආසන වලින් පරිබාහිර වෙනම ආසන පනවන ලෙස කිරිඇල්ල මහතා මීට සති තුනකට පමණ පෙර කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීමට මෙතෙක් කතානායකවරයා ප්‍රතිචාර දක්වා නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී කීප වතාවක්ම ප්‍රශ්න කර සිටි අතර ඒ සෑම අවස්ථාවකදීම කතානායකවරයා සඳහන් කළේ "හා බලන්නම්" යන්නය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 16 November 2020 12:57

Related items