May 18, 2024

ඔක්කොම කතා කළ දේ මගේ පිටින් ඇරියා - ඒ ගැන මම අද විශේෂ ප්‍රකාශයක් කරනවා

November 13, 2020

මන්ත්‍රී දීමනාව වැඩි කිරීම පිළිබඳව තමා විශේෂ ඉල්ලීමක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමට සම්බන්ධ වූ සියලුම මන්ත්‍රීවරුන් කතා කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

තමා මේ සම්බන්ධයෙන් අද (13) දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවද සඳහන් කරන කිරිඇල්ල මහතා එහිදී මෙම කතාව නිර්මාණය කළ පිරිස් එළිදරව් කරන්න බවද පෙන්වා දෙයි.

කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා වැඩි කරන ලෙස තමන් ඉල්ලා සිටි බවට මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

විනිසුරුවන්ගේ වැටුප් හා දීමනා වලට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද වැටුප් හා දීමනා වැඩි කළ යුතු බවට 2006 දී එවකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකව සිටී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය ඒ අවස්ථාවේ ඒකමතිකව සම්මත වූ බව සඳහන් කරන කිරිඇල්ල මහතා තමා එය මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කළ පක්ෂ නායක රැස්වීමේදී මතක් කර දුන් බවද පෙන්වා දෙයි.

ඉන් පසු ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ අන් සියලුම මන්ත්‍රීවරුන් ද සාකච්ඡා කළ අතර රටේ පවතින වත්මන් තත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාව වැඩි නොකළ යුතු බවට සියල්ලන්ම ඒකමතිකව තීරණය කළ බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

විවිධ දූෂණ චෝදනා එල්ල වන එක්තරා මාධ්‍ය ආයතනයක් තමාව ඊට සම්බන්ධ කොට ප්‍රවෘත්තියක් නිර්මාණය කළ බවද කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)

Related items