May 20, 2024

පවිත්‍රාගෙන් සෞඛ්‍ය ඇමතිකම ගැලවෙන හැඩ

November 12, 2020

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඇමති ධූරය සංශෝධනය කිරීම එසේත් නැතිනම් වෙනස් කිරීම ස්ථිර ලෙසම සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයෙ (11) සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට යෝජනා සම්මත කරගනු ලද්දේ මෙම සංශෝධනය පිළිබඳව ඉඟියක් ලැබීම නිසා බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ඇමතිවරය ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවීම වන්නිආරච්චි මහත්මියගෙන් එම ධුරය ඉවත් කිරීමට හේතුවී ඇති බව ද දැනගන්නට තිබේ.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සෞඛ්‍ය ඇමැතිවරියගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව සතුටකින් පසු නොවන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය අමාත්‍යවරයෙක් වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන දෙපළගේ නම් මේ ධූරය සඳහා යෝජනා වී ඇති බව ද දැනගන්නට තිබේ.

විශේෂයෙන්ම පවතින වසංගත තත්වය හමුවේ විෂය පිළිබඳ අවබෝධයක් ඇති මහජන නියෝජිතයකු එම ධූරයට පත් කිරීම වඩාත් සුදුසු බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී තිබේ.

20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද කැබිනට් මණ්ඩලයේ සීමාව 30කට සීමා වී තිබෙන අතර මේ වන විට පත්කර තිබෙන්නේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු පමණි.

එනිසා රාජ්‍ය අමාත්‍යවරියක වන සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට එම තනතුර ලබා දී කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට බාධාවක් නොමැත.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 November 2020 12:57