May 04, 2024

ජනාධිපති හිතන් ඉන්නේ ඔහු තවමත් ආරක්ෂක ලේකම් කියලා

November 11, 2020

වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ රටේ ජනතාව ජනාධිපතිවරයෙකු පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්යය කරන්නට නොවන බවයි.

මෙවන් ප්‍රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීර්තිමත් ගජබා රෙජිමේන්තුවට අවමානයක් වන බව බවත් තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි.

ෆොන්සේකා මහතා විසින් පළ කර ඇති සම්පූර්ණ සටහන මෙසේය.

Rate this item
(4 votes)

Related items