May 10, 2024

බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය පස්සට යයි? අගමැතිගේ ඇරයුම තවම පිළිගෙන නෑ

November 08, 2020

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පත්වී ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය භාරගනු ඇත යන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ බොහෝ දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇතත්, ඔහු ඒ සම්බන්ධව කිසිදු තීන්දුවක් මෙතෙක් ගෙන නැති බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසී ය.

එහෙත් මේ සතිය මුලදී ප්‍රකාශ වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වී ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත්වන බවය.

බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ සලසමින් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජයන්ත කැටගොඩ මහතා පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද දන්වා තිබිණි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 07 November 2020 21:21

Related items