May 02, 2024

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි! මහින්ද - සජිත් හමුවෙයි

November 05, 2020

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත්කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා, නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී, නීල් ඉද්දවල මහතා එක්ව සිටියහ.

එහිදී කථානායකවරයාගේ උපදෙස් පරිදි මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිළි කර තිබේ.

තවද, එහි සාමාජිකයන් ඉදිරියේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඒ සම්බන්ධව ගතයුතු පියවර ගැනද එකඟත්වයකට පැමිණි බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 10 වනදා යළි රැස්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2020 20:34