ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියි.
සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන තිබෙන බවය.
කොරෝනා මර්ධනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේය.