May 06, 2024

69 ලක්ෂයේ ජනපති නිහඬයි - දැන් රටේ ජනාධිපති යුද හමුදාපති ද? හරින් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි

November 02, 2020

දැන් රටේ නිල නොලත් ජනාධිපති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැයි සැකයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි .

69 ලක්ෂයක් ජනතාව ඡන්දය දී පත්කරගත් ජනාධිපතිවරයා වෙනුවෙන් දැන් රටට කතා කරන්නේ යුද හමුදාපතිවරයා බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බව ප්‍රකාශ කළ අවස්ථාවේ යුද හමුදාපතිවරයා සඳහන් කළේ දින තුනකට පසු එය ඉවත් කරන බව වුවත් දැන් එය තවත් සතියකින් දීර්ඝ කිරීම නිසා බස්නාහිර පළාතේ ජනතාව ආහාර ඉඟියකින් පෙළෙන බව ද හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

වත්මන් ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරියද අසාර්ථක බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා ගංගා වලට කල දමන සෞඛ්‍ය ඇමැතිවරිය ට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනතාව බල කළ යුතු බව ද සඳහන් කරයි .

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 16:13