May 19, 2024

කොවිඩ් 19න් බේරෙන්න පැන් කල වල පිහිට පතන ඇමැතිවරු

November 02, 2020

කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් හා කලක් රාජකීය වෛද්‍යවරයා ලෙස හැඳින් වූ දොස්තර එලියන්ත වයිට් පැන් කල ගංගාවල් වලට වීසි කරන දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා මාධ්‍ය වල දැකගන්නට ලැබේ .

තොරතුරු අනාවරණය වන ආකාරයට පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය පැන් කළය කළු ගඟටත්, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ස්ථාන දෙකක දී සිය පැන් කල කැළණි ගඟටත් දොස්තර ඒලියන්ත වයිට් සිය පැන් කළය මාදු ගඟටත් විසි කොට තිබේ .

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කොට කලිසමක් පැලද සිය පැන් කළය කැලණි ගඟට විසි කරන ආකාරය එම වීඩියෝ පටයේ දක්නට ලැබේ .

රට මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් රට හා ජනතාව ආරක්ෂා කිරීම සඳහා පිරිත් දේශනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් මේ වන විට ඉල්ලීමක්ද කර තිබේ .

ඒ හැරුණු කොට සියළුම ආගම් වලින් රටට සෙත් පතා ආශිර්වාද කරලා ලෙස බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ද එම ආගම් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ .

Rate this item
(0 votes)