තමා හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයකු බැවින් යහපාලන ආණ්ඩු සමයේ දැරූ නීතිය හා සාමය කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව සාගල රත්නායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කොට තිබේ.
එවකට සිටි ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට දිගින් දිගටම නීතියට පිටින් කටයුතු කරන ලෙස කරන ලද බලපෑම් මත තමා එම තීරණය ගත් බවද රත්නායක මහතා එහිදී ප්‍රකාශ කොට තිබේ.
විශේෂයෙන්ම බරපතළ චෝදනා එල්ල වී සිටි ප්‍රබල දේශපාලනඥයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස හිටපු ජනපතිවරයා තමන්ට බලපෑම් එල්ල කළ බව රත්නායක මහතා වැඩිදුරටත් එම කොමිසම හමුවේ සඳහන් කොට තිබේ.