April 30, 2024

කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින්ට කඩිනමින් PCR පරීක්ෂණ අවශ්‍ය නෑ 

කොවිඩ් -19 රෝගීන් ලෙස හඳුනාගැණුනු රෝගීන්ගේ ආශ්‍රිතයින් කඩිනමින් PCR පරික්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ යම් පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වී ඇත්නම් එය හඳුනා ගැනීම සිදුකළ හැක්කේ දින 02ත් 10ත් අතර කාලයේදී බවය.

මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් නව ආසාදිතයින්ට අමතරව විදෙස් ගතව පැමිණි දෙදෙනෙක් ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (10) හඳුනාගෙන තිබුණි.

Rate this item
(0 votes)