ඇඳිරි නිතිය පනවන්නේ රෝගීන් හමුවන ප්‍රදේශ වල මිස විපක්ෂයට අවශ්‍ය ආකාරයට නොවන බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
අලුතින් ඇති වී තිබෙන කොවිඩ් වසංගත රැල්ල දේශපාලන කටයුත්තක් නොකර ගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කරයි.
ඇඳිරි නිතිය පැනවීම ඉතා පහසු කටයුත්තක් බවද ඇය පවසයි.
ඇමතිවරිය මෙම අදහස් පළ කලේ ගම්පහ දිස්ත්‍රික් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පනවන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීමට පිළිතුරු ලෙසය.