පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225ටම කොවිඩ් 19 වැළඳී ඇත්දැයි සොයා බැලීමට පී.සී.ආර් පරීක්ෂණ කරන ලෙස සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ස්වකැමැත්තෙන් සිදු කර ගන්නා ලද පී.සී.ආර් පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කතානායකවරාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසය.
දොලවත්ත මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමත් සමඟ සභා ගැබට පැමිණි හරීන් ප්‍රනාන්දු මහතා කතානායකවරයාගෙන් ඉහත ඉල්ලීම කරන ලදී.