පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අදාළ කෙටුම්පතට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය හෙට (05) දිනයේදීත් පැවැත්වීමට නියමිතය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සදුදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (02) තීරණය කළේය.