May 19, 2024

ලබන වසර මුල ගුවන්තොට විවෘත වන ලකුණු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලබාගෙන ලබන වසරේ (2021) මුල් මාස කිහිපය ඇතුළත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පුවත්පතකට පවසා ඇත.
 
කොරෝනා වසංගතය දෙසැම්බර් මාසයේ ඇතිවෙන සීත දේශගුණයත් සමග යුරෝපය ඇතුළු රටවල උග‍්‍ර විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි පැවසූ ඇමැතිවරයා මෙම තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම ප‍්‍රමාද වන බව ද කීවේය.
 
කොරෝනා වසංගත සමයේ ගුවන්තොටුපළ විවෘත කළ රටවල් රැසකම නැවත කොරෝනා රෝගය පැතිරී ගිය බවත් ඉන් එම රටවලට පාඩු පිට පාඩු සිදුවූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Rate this item
(1 Vote)