සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වේ.
එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර නිරෝධාන කටයුතුවලින් අනතුරුව යළි කොන්සියුලර් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.