වනාතවිල්ලුව රක්ෂිතයේ අනවසර පදිංචි කරුවන් සහ වගා කිරීම් සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා වන සී.බී.රත්නායක මහතා හා ඊට අදාළ නිලධාරීන් අතර යම් යම් ප්‍රතිවිරෝධතා මතුවන සිද්ධීන් අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වල දක්නට ලැබේ.
එහිදී වනාතවිල්ලුව රක්ෂිතයේ විනාශයට වගකිව යුතු අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා දැඩි ව උපදෙස් දෙන අයුරුද දක්නට ලැබේ.
තමාගේ නියෝග පිළිපැදීමට නොහැකි අයෙක් වේ නම් ඉදිරිපත් වන ලෙස එහි සිටි ප්‍රාදේශීය දේශපාලන නායකයින්ට මෙන්ම රාජ්‍ය හා පොලීසියේ නිලධාරීන්ටද අමාත්‍යවරයා දැනුම් දෙන අයුරුද දැක බලා ගැනීමට පුළුවන.