May 03, 2024

එජාප නව නායකයා ආශු යෝජනා කරයි - රත්නප්‍රිය සම්මත කරයි - කට්ටිය විරුද්ධ වෙයි

ඉකුත් 14 වැනි දින එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පැවැති කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂ නව නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතාගේ නම මහාචාර්ය ආශූ මාරසිංහ විසින් යෝජනා කර තිබෙන අතර එය සමන් රත්නප්‍රිය මහතා විසින් සම්මත කොට තිබේ.

ඒ අවස්ථාවේ එහි සිටි අති බහුතරය ඊට විරෝධය පළ කරමින් පාස්කු ප්‍රහාරය ගැන දන්නේ නැති කෙනා පක්ෂ නායකයා වන්නේ කේසේදැයි ප්‍රශ්න කොට තිබේ.

එම විරෝධය හමුවේ අදාළ යෝජනා සම්මතය යටපත් වී ඇති අතර ලබන ජනවාරි මාසයේ පැවැත් වෙතැයි විශ්වාස කරන පළාත් සභා මැතිවරණය අවසන් වෙන තෙක් රනිල් වික්‍රමසිංහ මහතාවම නායකත්වයේ තැබීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන ලදී.

එම විශේෂ කෘත්‍යාධීකාරී රැස්වීම පැවැත් වූයේ පක්ෂයට නව නායකයෙකු පත් කර ගැනීම සඳහාය

Rate this item
(2 votes)