May 01, 2024

ජාතික ලැයිස්තුව ගැන ගත් තීරණයට සජිත්ට ප්‍රසාදය

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 07 නම් කිරීමේ දී එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව එම සන්ධානයේ බොහෝ පාර්ශවවල ප්‍රසාදය හිමිව තිබේ.

දෙමළ හා මුස්ලිම් පක්ෂවල බලපෑමට යට නොවී සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය තුළින් නායකයෙකු ලෙස ඔහු යම් පරිනත භාවයක් ලබා තිබෙන බව පෙන්නුම් කරන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

රිෂාඩ් බදියූදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂ් යන මහත්වරුන් තමන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ සඳහාද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 01 බැගින් ඉල්ලූමුත් එම ඉල්ලීම බැහැර කොට සජිත් ප්‍රේමදාස මහතා තම මතයට අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත් කරන ලදී.

Rate this item
(0 votes)