May 03, 2024

බැඳීම දෙදරයි : අකිල රනිල්ව මඟ හරි

ඊයේ (14) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී නොවූ බව වාර්තා වේ.

ඒ වික්‍රමසිංහ මහතා හා ඔහු අතර මේ වන විට පැන නැගී තිබෙන ප්‍රශ්නකාරී තත්වය මුල් කරගෙනය.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට කාරියවසම් මහතා මාධ්‍යට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ඔහුට තදින් දොස් පවරා තිබෙන බවද අනවරණය වී තිබේ.

පක්ෂයේ මහ ලේකම් ධූරයට ඉතා කඩිනමින් සාගල රත්නායක මහතා පත් කිරීමේ අවශ්‍යතාවයක් වික්‍රමසිංහ මහතාට තිබෙන බව ද වාර්තා වේ.

රත්නායක මහතා බොහෝ කලක සිට පක්ෂ ලේකම් ධූරය බලාපොරොත්තුවෙන් සිටියි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 August 2020 22:03