April 30, 2024

එජාප නායකයා තෝරන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

එක්සත් ජාතික පක්ෂයෙහි මීළඟ නායකයා තෝරාගැනීම සඳහා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 

2020 මහමැතිවරණයෙන් ලද අති දැවැන්ත පරාජය හමුවේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා විය.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී මීළඟ නායකයා තෝරා ගැනීමට නියමිතව ඇති අතර නායකත්වය සඳහා පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

කෙසේවෙතත් පක්ෂය යළි ගොඩනැංවීම යන කාරණයේදී ඉහත කී සිව්දෙනාගෙන් කිසිවකුත් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පැහැදීමක් නොමැති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)