May 03, 2024

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බව ඇය සඳහන් කළේය.

ඒ පිළිබඳ ආචාර්ය දීපිකා උඩුගම, ව්‍යවස්ථා දායක සභාවට දැනුම්දුන් බව එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාවට දැනුම් දි ඇත.

Rate this item
(0 votes)