අලුත් පක්ෂයක් හැදුවොත් ඒ පක්ෂය හදන අයව පාරක් පාරක් ගානේ ඇවිද්දවන බවට තමා කිසි දිනෙක ප්‍රකාශ කොට නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
මහනුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය තම රජයට එරෙහිව පා ගමනක් පැමිණි බවත් ඒ අවස්ථාවේ තමන් සඳහන් කල ඒ අය පාරේ ඇවිද්දනවා කියූ කතාව වෙනස් කොට තමාට අපහාස වන ආකාරයට මඩ ගැසීම සඳහා පාවිච්චි කරන බවටද හිටපු ජනපතිවරයා චෝදනා කරන ලදී.
හිටපු ජනපතිවරයා මේ අදහස් පළ කළේ විද්‍යුත් මාධ්‍යක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.