ප්‍රවීණ කලාකරුවෙක් වූ බන්දුල විතානගේ මහතා අභාවප්‍රාප්ත විය.
1940 සැප්තැම්බර් මස 11 වැනිදා ගෝනගලදී උපත ලැබූ බන්දුල විතානගේ මහතා මිය යන විට 74 වියේ පසුවිය.
ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය අතර අසල්වැසියෝ, අත්තබිදෙයි, බුමුතුරුණු වැනි ටෙලි නාට්‍ය විශේෂ තැනක් ගනී.
ගුවන් විදුලි සංස්ථාවේ සහ රූපවාහිනී සංස්ථාවේ සේවය කල බන්දුල විතානගේ මහතා ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයකු වශයෙන් ද කටයුතුකර තිබුණි.