පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් බහුතරයකට මාසයකට වරක් අලුත් මාළු අඩංගු පෙට්ටියක් බැගින් ධීවර සංස්ථාවෙන් නොමිලේ ලබාදී ඇතැයි මේවන විට අනාවරණය වී ඇත.
ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ ඒ ඒ මැති ඇමැතිවරුන්ගේ තරාතිරම මත මාළු කිලෝ 10, 15, 20 බැගින් රිජිෆෝම් පෙට්ටිවල අසුරා නිවෙස්වලට යවා ඇති බවයි.
ධීවර සංස්ථාව මසකට මාළු කිලෝ 1000කට අධික ප්‍රමාණයක් මැති-ඇමැතිවරුන්ට නොමිලේ ලබාදී තිබීම සංස්ථාව පාඩු ලැබීමට එක් හේතුවක්ව තිබූ බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
නොමිලේ මාළු ලබාදීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසු සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්වූ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.