ඉකුත් සති 04 ක කාල සීමාව තුළ දිවයිනේ සියලූම බන්ධනාගාරවල සිදු කළ වැටලීම්වලදී ජංගම දුරකථ 1,102 ක් අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සිම් කාඞ්පත් 688 ක් සහ ජංගම දුරකථන බැටරි 1,310 ක් අදාළ කාල සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. ජංගම දුරකථන චාර්ජර් 283 ක් ද එම කාල සීමාවේදී බන්ධනාගාරවලින් සොයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිදුකළ වැටලීමකදී ජංගම දුරකතන 28 ක් සොයාගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී එම ජංගම දුරකථන සොයාගෙන ඇත.