එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා දුර්වල මට්ටමක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් දිස්ත්‍රික්ක වල එජාප මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලක් නැති තරමටම බිඳ වැටි ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම දැනට සක්‍රියව පවතින එකම මහජන නියෝජන යාන්ත්‍රණය වන පළාත් පාලන ආයතන වල එකත් ජාතික පක්ෂ නියෝජිතයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් සමඟි ජන බලවේගය සමඟ සිටීමත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් අතරින් ඒ හා සමාන ප්‍රමාණයක් සමඟි ජන බලවේගයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටීම මත එජාපයේ බිම් මට්ටමේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම බිඳ වැටී තිබේ.