April 30, 2024

පාර්ලිමේන්තුව කැදවා ආර්ථිකය බේරා ගන්න - සජිත් ආණ්ඩුවට කියයි

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා වහාම පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේ, රටේ ජනතාවගේ දෛනික ආර්ථික තත්ත්වය දිනෙන් දින ඉතා නරක අතට හැරෙමින් පවතින බවයි.

තත්තවය නරක අතට හැරීම පාලනය කරමින් අවශ්‍ය සහන සැලසීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීම තීරණාත්මක බව ඔහු එහිදී අවධාරණය කළේ ය.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හා කඩිනමින් සහන සැලසීම සඳහා රජය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බවත් යළි පාර්ලිමේන්තුව කැඳවීමේදී ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් හෝ රජයට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒමට තමන් හෝ තම පක්ෂයේ කිසිම සූදානමක් නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සහතික වී තිබේ.

Rate this item
(0 votes)