May 04, 2024

තවත් කොරෝනා ආසාදිතයින් 2ක් - සමස්තය 1030 දක්වා ඉහළට

අද(21) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1030ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 417 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Rate this item
(0 votes)