මීගමුව,අක්කර 50,කඳසුරිදු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුචු 4 මාස 5ක් හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය සෙනසුරාදා දිනයේදී උණ රෝගී තත්වයෙන් පෙළීම නිසා මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණි.
දීර්ඝ කාලීනව හතිය රෝගයෙන් පීඩාවිදි එම දරුවා කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු වුණේ රෝහලේ සිදුකළ වෛද්‍ය පරික්ෂණයකින් අනතුරුවය. පසුව ඔහුවත් IDH රෝහල වෙත යොමු කෙරුණු අතර කටාන මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් දරුවාගේ නිවස වෙත යනවිටත් අසල්වාසී නිවසක කාන්තාවක් උණ රෝගය උත්සන්න වී සිටින බවට හදුනා ගෙන තිබේ.
පසුව ඇයව මීගමුව මහ රෝහල වෙත යොමු කෙරුණි.
මේ අතර ඊයේ පෙරවරුවේ යළිත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දරුවාගේ නිවසට ගොස් කරුණු සොයා බැලීමේදී අනාවරණ වුයේ නිවසේ සිටි දරුවාගේ මවගේ සහෝදරයෙකුද උණ රෝගී ලක්ෂණ වලින් පෙලෙන බවයි.
මොවුන් වෛරස ආසාදිත දරුවා සමග මීට සති කිහිපයකට පෙර විවිධ ප්‍රදේශ වල පැවැති උත්සව අවස්ථාවන්ට සහභාගී වී ඇතැයිද අනාවරණ වී තිබේ.
ඒ අනුව එම නිවසේ සිටි සෙසු සියලු දෙනා IDH රෝහල වෙත යොමුකිරීමට පියවර ගත් බලධාරීන් කඳසුරිදුගම ගම්මානය හුදකලා කර තැබීමට පියවර ගත්තේය.