May 19, 2024

කොළඹ පුරා විශේෂ මෙහෙයුමක් අරඹයි - පොලිස් භාරයට ගන්නා වාහන කොරෝනා අවසන් වන තුරු පොලීසියේ

ඊයේ (31) දවස පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොළඹ නගරය ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 195 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

වාහන ද 110 ක්‍ පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය අවසන් වන තුරු, පොලිස් භාරයට ගන්නා ලද වාහන කිසිවක් අදාළ හිමිකරුවන් වෙත මුදා නොහරිනු ලබන බවද පොලීසිය පවසයි.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙවැනි මෙහෙයුම් පොලීසිය විසින් දිවයින පුරා තවදුරටත් සිදු කිරීමට නියමිතයි.

Rate this item
(1 Vote)