April 30, 2024

“ඩීල් දැම්ම නිසා පාක්ෂිකයින් අපිව අතහැර ගිහින්” - රාජිත අතීතය සිහිකරයි

February 26, 2020

පාක්ෂිකයින් එන්න එන්නම අඩුවන බව අපි සියලු දෙනා අවබෝධ කර ගත යුතු බවත් ශ්‍රීලංකාකාරයෝ, යූඑන්පීකාරයෝ,පොහොට්ටුකරයෝ කියන එක අඩුවෙන බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

අතරමැද පක්ෂයක් නැති අවස්ථාවේදී උචිතම දේ කරන්නට ඉතිරිවෙන පරම්පරාවක් තරුණයින් අතරින් බිහිවන බවත් ජනතාව ප්‍රමුඛව බලාපොරොත්තු වන කරුණු ඉටු නොවීම හේතුවෙන් ඔවුන් සිය පක්ෂයෙන් ඈත්ව ගිය බවත් රාජිත සේනාරත්න මහතා පැවසී ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

මිනීමරුම් සෙවීම, මහ දවල් මහා මංකොල්ලය ගැන සෙවීම අතහැර දමා ඩීල් දැමීම පිළිබඳව ජනතාවට කුකුසක් ඇති වෙන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 26 February 2020 12:05