බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා අද (25) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව එම බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විශේෂ ගණයේ සැකකරුවන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
දැනට මෙම බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් 22 දෙදනකු රඳවා සිටින අතර තවත් 100 කට අධික පිරිසක් එහි යැවීමට නියමිත බව වාර්තා වේ.
මෙහි විශේෂ ගණයේ අපරාධකරුවන් සඳහා ආරක්ෂිත සිර කුටි 46 ක් සකස්කර ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බන්ධනාගාරය තුළට යන අමුත්තන් හා රැඳවියන් පරීක්ෂා කිරීමටද නියමිතය.