අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (18) දිනයේදී පැවැත්වීමට නියමිතය.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධාන ගතවීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බිහි කිරීමට යෝජිත සන්ධානය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවලද විවිධ අදහස් පළ වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසානයේ පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට පවා කැමැත්ත පළ කර තිබිණි.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි මහමැතිවරණයේදී පොදුජන පෙරමුණ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීම සඳහා සාකච්ඡා කර තීරණයකට එළැඹුණු බවයි.
සහය දක්වන සියලුම පක්ෂ එකතු වී සකච්ඡා කර එක් තීරණයකට පැමින අවසන් බවද රට තුල තිබෙන ප්‍රශ්න විසදා ගැනීම සඳහා අලුත් පාර්ලිමේන්තුවක සැදීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසී ය.