May 10, 2024

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනයෙන්

November 17, 2019

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය දිස්ත්‍රික්කයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව යාපනය මැතිවරණ කොට්ඨාශයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනා ගෙන ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 27,605 ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 1,836 යි.

ශෂීධරන් ආනන්දී පක්ෂයේ එම්.කේ.සිවාජිලිංගම් මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 659 ක්.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ආරියවංශ දිසානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 475 ක්.

යාපනයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 32,093 ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 848 යි.

ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 32,941 යි.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 46,888 යි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඡන්ද 25,769  කින් ජයග්‍රහණය ලබා තිබේ.

Rate this item
(0 votes)