May 05, 2024

ඇමතිවරු භික්ෂුවට පහරදෙන්නේ ජනපති අනුහසින්ද? - බොදුබල සේනා (Audio)

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් අද මහනුවර මල්වතු මහ විහාරයේදී එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපානන් බැහැ දුටුවා.

ඒ රටේ පවතින තත්ත්වය හමුවේ භික්ෂුවට මුහුණ පාන්නට සිදුව ඇති ගැටළු පිළිබඳව මහනායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමේ අරමුණින්. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස රටේ දැවැන්ත සංඝ සමුළුවක් පවත්වා බෞද්ධයන්ට එල්ලවන ක්‍රියාවන්ට එරෙහිව පුනරාගමනයක් සිදු කිරීම පිළිබඳවද මහනායක හිමියන්ව දැනුවත් කර ඇත.

එහිදී ඇමතිවරු සමග වාද විවාද කිරීමෙන් පළක් නොවන බව පෙනවා දී ඇති මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපානන් සිය ඉදිරි වැඩපිළිවෙලට ආශීර්වාද සිදු කළ බවද සඳහන් කළා.

මෙහිදී බොදු බල සේනා සංවිධානය විසින් රචිත වංශයක විනාශය අභිමුව නම් කෘතියක්ද මහනායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා.

මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබදවද අදහස් පළ විය.

මෙ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස් පහතින් අහන්න.

මහනුවර  - හේරත් ඒකනායක

 

Rate this item
(2 votes)
Last modified on Friday, 08 August 2014 14:16