May 05, 2024

දැඩි නියඟයට ජලය සොයා පැමිණි දළ ඇතාට වෙඩිතියා මරයි (වීඩියෝ)

හම්බන්තොට, ඉලුක්වැව වැව්තාවුල්ලට ජලය සොයා පැමිණි දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කරතිබේ. වනජීවිනිලධාරීන් සැක පළ කරන්නේ මෙම දළ ඇතාට මීට දින දෙකකට පෙර  වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි.

වෙඩි වැදී තිබූණේ ඇතාගේ දකුණු පාදය ප‍්‍රදේශයටයි.වෙඩි වැදීමෙන් මරණයට පත් වූ  දළ ඇතාගේ වයස අවුරුදු 30 ක් පමණ වනු ඇති බවටයි සැලකෙන්නේ. මේවනවිට අදාළ ස්ථානයට පැමිණ සිටින වනජීවි නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන්විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 13:06