May 05, 2024

"ආණ්ඩුව විමල්ට එකඟ වුණේ නෑ" - ඇමති කෙහෙළිය

මේ වනතුරුත් නිල වශයෙන් කුමන පක්ෂයකින් හෝ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත භාර දී නොමැති බවත් එවැන්නක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජාතික නිදහස් පෙරමුණ විසින් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විවිධ චෝදනා එල්ල කර තිබිණි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නොමැති බවත් ආණ්ඩුව එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පමණක්  බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඕනෑම පක්ෂයක් සමග ඕනෑම කරුණක් පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුව සෑමවිටම සූදානමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දේ.

විදේශ සේවයේ දූත මණ්ඩල ප්‍රධානීන් පත් කිරීම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා සතු බලයක් බවත් එය එසේ වුවත් එම සියලු පත්කිරීම් පාර්ලිමේන්තුවේ කමිටුවක් හරහා තීරණය කරන්නක් බවත් හෙතෙම සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් මෙන් ම ජනාධිපතිවරයා විසින් ද විදෙස් දූත මණ්ඩල සඳහා නිලධාරීන් පත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන බවත් එම සියලු පත්වීම් පාර්ලිමේන්තු කමිටුව අනුමත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 12:57