May 05, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

"වරෙව් කොළොන්නාවට"- දුමින්දගෙන් එරාන්ට හර්ෂට අභියෝගයක් 

කොළොන්නාව ආසනයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා එජාප කඩා පනින මන්ත‍්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා එ.ජා.ප නිරීක්ෂණ චාරිකා කණ්ඩායමට ආරාධනා කරයි.

ඒ මහතා මෙසේ සඳහන් කලේ කොළොන්නාවේදී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

‘අද රට බලාගෙන ඉන්න කොට සංවර්ධනය වෙනවා. එදා මුල්ගල් තිබ්බ සංස්කෘතිය නැති කරලා සංවර්ධනය දැනෙන්න කරන රජයක් මේ රටේ තියෙනවා. කොළොන්නාව මගේ ආසනය සංවර්ධනයට මිලියන 353ක් වෙන්කරලා තියෙනවා. ගම නැගුම යටතේ බැසිල් රාජපක්ෂ මහතා මිලියන 20ක් ලබාදී තියෙනවා. ඒ වගේම මග නතර වුණ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අද අපි නිම කරලා තියෙනවා. මම ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂ නිරීක්ෂණ චාරිකා කණ්ඩායමට එන්න ඇවිත් ඇස් දෙකෙන්ම කොළොන්නාවේ සංවර්ධනය බලාගන්න කියලා’

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 17:05