වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව ලැබූ රැඳවියන් පිළිබඳ ව නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(18) පෙරවරු 11 පමණ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබුණි.
ඉන් අනතුරු ව බන්ධනාගාර රෝහල වෙත ගිය ජනාධිපතිවරයා දැනට සිර දඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමු වූ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා උතුරුපළාත් ආණ්ඩුකාර වරයා හා කෝට්ටේ මහා නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා සහභාගි වූ බවද වැඩිදුරටත් සඳහන් වේ.
මෙහි දී ජනාධිපතිවරයා හා ගලගොඩඅත්තේ ඥානසාර හිමි පමණක් පෞද්ගලිකව විනාඩි හතලිහක පමණ කාල සීමාවක් කතා බහ කර තිබීම විශේෂත්වයකි.