April 28, 2024

පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් අනවශ්‍යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

December 14, 2018

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පැවැසුවේ එම අභියාචනා විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් එම මෝසම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළේය.

Rate this item
(0 votes)