May 07, 2024

තුන්නානේ 25ක් සොයයි 

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මරණයට වගකිවයුතු දෙදෙනෙක් ඇතුළු හංවැල්ලේ විරෝධයට සම්බන්ධ පස් දෙනෙක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මාර්ගයට ගස් කපා දමමින් විරෝධතා දැක්වූ තවත් 25 දෙනෙකු හදුනාගෙන සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටද විමර්ශන පැවැත්වෙන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. 

ඔවුන් අතරද ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මරණයට වගකිව යුතු එක් අයෙක්ද සිටින බව ඔහු පැවසී ය.

ප‍්‍රසාද් සිරිවර්ධන මහතා යටවුණු ගස කැපූ පුද්ගලයාද අත්අඩංගුවේ සිටින බවත් ගස කැපීමට යොදාගත් විද්‍යුත් කියතද පොලිස් භාරයට ගෙන තිබෙන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)