පසුගිය කාලයේ දී කල්පිටිය මුහුදේ ද විශාල කැස්බෑ ගහනයක් පැවැතිය ද ධීවර කටයුතු සහ සංචාරක කටයුතු පුළුල් ව සිදු කිරීම ආරම්භ කිරීමත් සමග කැස්බෑවුන් සොයා ගැනීම දුශ්කර කාර්යයක් විය.
ඊට විශාල හේතුවක් වූයේ කැස්බෑ මසට විශාල ඉල්ලුමක් පැවතීමයි. කුමන බාධා පැවැතිය ද ඇතැම් පුද්ගලයින් රහසිගත ව කැස්බෑවුන් අල්ලා මරා එම මස් අලෙවි කරයි.
පසුගිය දිනෙක වෙරළට පැමිණි ඉලංතඩිය තරුණ ධීවරයින් පිරිසකට වෙරළ පුරා අතරමං ව සිටි ඉතා කුඩා කැස්බෑ පැටවුන් විශාල සංඛාවක් දක්නට ලැබී තිබේ.
කලින් දින රාත්‍රීයේ දී වෙරළේ වැලි අතර දමා තිබූ කැස්බෑ බිත්තර බිඳී පිටතට පැමිණි එම පැටවුන් වෙරළේ අතරමං ව ඇති හෙයින් එම පැටවුන් අසල පිහිටි වන ජීවි කාර්යාලයට භාර දී ඇත.
අනතුරු ව ඉලංතඩිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් අතරමං ව සිටි කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැර ඇත.
ඔගස්ටින් ප්‍රනාන්දු