April 30, 2024

කැමති විදියට විශ්‍රාම යන්න

දැනට පවතින ක්‍රමය එසේම ක්‍රියාත්මක වන අතරම නව ක්‍රමයට කැමැත්තක් ඇති විශ්‍රාමිකයන්ට තමන්ට හිමි පාරිතෝෂිකය කඩිනමින් ලබා ගත හැකි බව බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි

ඔහු මේ බව පැවසූවේ අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

දැනටමත් පාරිතෝෂික දීමනාව අපේක්ෂාවෙන් සිටින විශ්‍රාමලත් රාජ්‍ය සේවකයන්ට හා ඉදිරියේදී විශ්‍රාම ගන්න අයට අදාළ බැංකු ගිණුම් සම්පූර්ණ කළ පසු එම මුදල් ලබා ගත හැකිය.

මේ සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව එකඟත්වය පළ කර ඇති ‍අතර බැංකුව විසින් සපයන පාරිතෝෂික දීමනාව වසර 18කදී පොලී රහිතව විශ්‍රාම වැටුපෙන් ගෙවීමට අවස්ථාව ඇත.

බැංකුව විසින් මේ මුදල් සැපයීමේදි ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ බැංකු සමඟ විශ්‍රාම වැටුප් ක්‍රියාත්මකවීම වන අතර වෙනත් ඇපකර අවශ්‍ය නොවේ.

විශ්‍රාම ලබන රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙන විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය එම රාජ්‍ය සේවකයා විශ්‍රාම ලබන දිනයේදීම ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ස්ථිර රජයේ සේවකයන් විශ්‍රාම ලැබීමෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම වරප්‍රසාදයක් බවත් ලේකම්වරයා සඳහන් කළේය.



Rate this item
(0 votes)