May 01, 2024

GSP+ දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය

ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය ලබාදීමට යුරෝපා වෙළෙඳ සහ ආර්ථික  කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව ඊයේ (11) තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව GSP+ බදු සහනය ලබාදීම සඳහා සිදුවන ක්‍රියාදාමයේ අවසාන අදියර වූයේ මෙම යුරෝපා අමාත්‍ය කමිටුවේ අනුමැතිය ලබාදීමයි. ඊට පෙර යුරෝපා කොමිසම හා යුරෝපා පාර්ලිමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි. 

ඒ අනුව යළිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට මේ වනවිට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි වී තිබේ.

වෙළෙඳ හා ආර්ථික කටයුතු පිළිබඳ යුරෝපා අමාත්‍ය කමිටුවේ තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත EU Journal නම් යුරෝපා ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිතය.

මෙම තීරණය හා සම්බන්ධ ඉදිරි කටයුතු ලබන සතියේ සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ GSP+ තීරු බදු සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේය.

Rate this item
(1 Vote)